Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Sunday, October 13, 2013

aashiqui 2 (love movie) 2013

























වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1.6යි, තිරගතවී පලමු සති හතර තුලදී ලද ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18යි, ආදායම් වාර්තාවන්ගේ පලමු ස්ථානය. ප්‍රධාන රංගනය Aditya Roy Kapoor සමගින් සුරූපී Shraddha Kapoor… නාට්‍යමය, සංගීතමය, ප්‍රේමණීය ගනයෙහි ලා සැලකෙන මෙහි අධ්‍යක්ෂනය මෝහිත් සූරි, පිටපත ශගුප්තා රෆීක්, සංගීත අධ්‍යක්ෂනය Mithoon සමගින් Jeet ganguly.. (තවත් විස්තර මෙතනින් බලාගන්න)
ආදරය, සෙනෙහස, උමතු බව.. ඒවා වචන මිසක් වෙන කිසිම දෙයක් නෙමේ.. ඒත්, මට ඇයව මුණගැහුනට පස්සෙ.. ඒ වචන වලට වටිනාකමක් එකතුවුනා. ආදර කියන්නෙ මගේ ජීවිතයෙදි විහිළුවක් වෙලා තිබුනෙ, ඒත් දැන් ආදරය විහිළුවක් නෙවි. මගේ මේ උමතුව දැන් ඔයා වෙනුවෙන්මයි අරෝහි. මම මේ වෙලාව වෙනකම් කොයිතරම් නම් බලන් හිටියද, මම ඔයාට ආදරෙයි අරෝහි! මට පුළුවන් ඔයාව වසරේ හොදම ගායිකාව කරවන්න, ඔයාට තියෙන්නෙ පුදුමාකාර කටහඩක් අරෝහි…… පුදුමාකාර කටහඩක්.. ඔයාව මුනගැහෙන්න කලින් මගේ ජීවිතේ විනාශකාර හතුර වෙලා තිබුනෙ මමමයි, ඒත් දැන් ඔයා මගේ ලග ඉන්නව, මට ඔයාගෙ ජීවිතේ විනාශකාරය වෙන්න ඕන නෑ අරෝහි, මම යනව ඔයාගෙ ජීවිතෙන්, තමන්ම සමගද නැතිනම් දෙවියන් සමගද මේ මොහොතේ මා සටන් කරනුයේ…. කිනම් කඩයිමකටද මාව රැගෙන ආවේ මේ උමතු ආදරය. මමයි රාහුල් ෂෙකර්.., මම තමයි සුපිරි තරුව.. හැමදේම ඉවරයි අරෝහී හැමදේම ඉවරයි….!!!!
පුරා හෝරාදෙකක් පුරා දිවයන හදපාරනා ගී සංකල්පනා, සංවේදනාත්මක හැගීම් සමුදායක් සමගින් ඔබ නොසිතූ අවසානයක් වෙතට ‍රැගෙන යන අරෝහීගේත් රාහුල්ගේත් උමතු පෙම්-වතයි මෙලෙසින් ඔබහට තිළින කරනුයේ… සදා ජය!
දැන් ඉතින් මම ගැනත් පොඩ්ඩක් කියන්න එපයි නේද… අද මම වැඩ කරන ගමන් තමයි මට විමාගෙන් කෝල් එකක් ආවේ.මම උස්සන්නේ නැතිව ඉන්නත් හදලා උස්සලා බැලුවා. මේකා ගත්කටටම කිව්වේ නැතැයි ඔන්න ආසිරියෝ බඩු ඇවිල්ලා කියලා, බැලින්නම් ආශිකී 2, ඒ කියන්නේ මේ ෆිල්ම් එකේ හොඳ පිටපතක් ඇවිත්ලු. මම ඉතින් මේකට කලින් ඉදන්ම ඇහැ ගහන් හිටිය නිසා නොකරත් බැ, අනික නොකරොත් එහෙම මරණ තර්ජන එන්න ඉඩ තිබුනා. ඉතින් මම මොකද කරේ. බොසාට බොරු බඩේ අමාරුවක් දාලා වරුවෙන් ගෙදෙට්ට ආවා. ඊට පස්සේ ඉතින් තුනේ ඉදන් කොටලා කොටලා අමාරුවෙන් උදේ 1.15 වෙද්දී ඉවර කළා. ලයින් 1688 ක් ම තිබුනා, එකක්වත් හැලුවෙනම් නැහැ…මේකේ තිබ්බ සින්දු ඔක්කොටමත් සිංහල දැම්මා…ඔන්න ඉතින් දැන් මගේ වැඩේ අහවරයි. ඉතිරිය ඔයාලගේ අතේ තියෙන්නේ. ඉතින් මට මේ ගැන කියපු හා ලිපියට සහය දුන්නු විමා කොලුවටත්, විමාට මේ ගැන කියපු අපේ හසන්ත අයියටත් (ඔන්න මාමේ කිව්වේ නැ හොඳේ) මගේ ස්තුතිය පුද කරනවා.
අහ්හ්හ් තව දෙයක්. විහිලුවට නෙවි. සිරාවටම. මේක මගේ දුර්වලාතාවක්ද දන්නේ නැහැ. මේකයි..ඇත්තටම, මේකේ අන්තිම හරියේදී මට ඇඬුනා..
ඒ කිව්වේ ඇස් දෙකට කදුළු ආවා. එහෙනම් ඔයාලත් බලල කියන්නකෝ. ඔයාලටත් එහෙම දෙයක් වෙයිද කියලා.
පොඩි ඉල්ලීමක් තියේ…. පුළුවන් නම්, අදහසක් එහෙම දාන්න හිතන් ඉන්නවනම්, චිත්‍රපටිය බලල ඉවර වෙලා දාන්න… එහෙම කරනවානම්, ඒක ලොකු දෙයක්… එහෙනම් අපි ගියා….ජය වේවා….
c352298d4b4104a9ce8b43306a3ccdb8ad55ac7d
75c14a66563838a433698647d8a3f063e8d42d22
bd784db5743a4fdff3976b010fd62258927ce583
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මෙය bicecop සිංහලෙන් වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි 

No comments:

Post a Comment