Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Thursday, September 19, 2013

any call convert international 100% work


හලෝ යාලුවනේ.මම අදත් ඔයාලට ඇන්ඩ්‍රොයිඩ් සම්බන්ද ලිපියක් දාන්න හිතුවා.මම මේක දාන්න ප්‍රදානම හේතුව තමයි මගෙ යාලුවෝ ගොඩක් අය ගාව තියෙන කොරියන් ෆෝන්ස් වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න.ඒවා හදාගන්න ගොඩක් යාලුවෝ එයාලගේ කාලය වගේම මුදලුත් වියදම් කරගන්නවා.ඉතින් මෙගෙන් හුගක් යාලුවෝ මේක කරන්නෙ කොහොමද කියල අහනවා තවත් සමහර අය මට කියල කරගන්නවා.මම හිතුවා එයාලගේ කාලයත් මුදලුත් ඉතිරි කරන්න පොඩි උදව්වක් දෙන්න.මේක පෝස්ට් එකක් විදියට දාන්න.



හරි මුලින්ම කියන්න ඕන මේක කරද්දි වෙන අතුරු ආබාද වලට මම වග කියන්නෙ නෑ.හැබැයි මම මේක දැම්මෙ ෆෝන් 4ක විතර ටෙස්ට් කොරල තමයි.ඉතින් මම දාපුව නම් තාමත් එලට වැඩ.ඒක නිසා කිසිදු අතුරු ආබාදයක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.!!

හරි.මම මුලින්ම කියන්නම් අපි කරන්න යන්නේ මොකක්ද කියල.අපි කරන්න හදන්නෙ දැනට තියෙන කොරියන් ගැලැක්සි එස් එනිකෝල් වශන් ෆෝන් එකට ඉන්ටර්නැශනල් සොෆ්ට්වෙයාර් එක ගහල මේ කොරියන් ෆෝන් එකේ තියෙන අඩුපාඩු මගහරවා ගන්න එක තමයි.ඉතින් කවුරුත් දන්නවනේ කොරියන් ගැලැක්සි ෆෝන් වල මැසේජ් එකක් යවද්දි විදින්න ඕනි දුක.අප්පිරියයි නේ..!! :3 කෝල් එකක් ගන්න ඩයල් පෑඩ් එක ඕපන් කරාම වසනේ..!! ෆෝන් එක ඕපන් වෙද්දි ගැලැක්සි එනිකෝල් කියල වැටෙද්දි ආසයි නේ.!!ඒ මදිවට එනිකෝල් කොරියන් ඇප්ස් එහෙම අම්බානකට.රූට් කරන්න ගියත් ශිරා ගේමක් දෙන්න ඕනි.ඉතින් මේ හැම දුකටම විසදුමක් විදියට තමයි මම මේක ඔයාලට කියල දෙන්න කියල හිතුවෙ.

හොදයි අපි බලමු මේක කරන්නෙ කොහොමද කියල.මුලින්ම ඔයාල ඔයාලගේ ගැලැක්සි එස් එනිකෝල් එකට හරියන USB Drivers හොයාගන්න ඕනිනේ.ඉතින් පල්ලෙහා මම දාල තියෙන්වා ඩ්‍රයිවර්ස් ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download Samsung USB Drivers))

ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගැනීමේදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කොමෙන්ට් කරල අහන්න.වින්ඩෝස් 8 වලට නම් පොඩි අවුලක් එයි.කොමෙන්ට් කරල අහන්න.මම කියල දෙන්නම් වින්ඩෝස් 8 වලදි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න විදිය.ලැජ්ජ වෙන්න එපා.කොමෙන්ට් පාරක් දාන්න.

හරි ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගත්තට පස්සෙ අපිට මේ ෆ්‍ර්ම්වෙයාර් එක ෆ්ලෑශ් කරගන්න සොෆ්ට්වෙයාර් එකක් ඕනි වෙනවා.අපි ඒකට බාවිතා කරන්නෙ ඉතාම අඩු ෆයිල් සයිස් එකක් තියෙන ඒත් අම්බානෙක වැඩ තොගයක් ගන්න පුලුවන් සොෆ්ට් එකක්.ඒකෙ නම තමයි ඔඩින්.මම පල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download Odin3-v1.85))

මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙ එක්ස්ට්‍රැක්ට් කරගන්න.දැන් තියෙන්නෙ අපි ෆ්ලෑශ් කරන්න හදන ෆර්ම්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න තමයි.මම ප්ල්ලෙහා දාල තියෙනවා ලින්ක් එක.ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

ඩවුන්ලෝඩ්((Download M110s Fixed))

හරි දැන් අපි මේක ෆ්ලෑශ් කරන්න ඕනි ඔක්කොම බඩු ටික සූදානම් කරගෙන ඉවරයි.දැන් ඩවුන්ලෝඩ් කරගත්ත .zip ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න.එතකොට පාස්වර්ඩ් එකක් ඉල්ලයි.ඒක මම පල්ලෙහා දාල තියෙනවා.ඒක නිවැරදිව කොපි කරගන්න.

PasswOrd:- elunchen.combycambodia

දැන් දෙවනුව ඩවුන්ලෝඩ් කරගත්ත අපෙ ෆ්ලෑශ් කරන ඔඩින් සොෆ්ට් කෑල්ල ඕපන් කරගන්න.එවිට පහත ආකාරයේ වින්ඩෝවක් ඔබට දකින්න පුලුවන් වෙයි.



මෙම ව්න්ඩෝවේ Files[Download] යන කැටගරියේ ඇති PDA යන බට්න් එක මත ක්ලික් කරන්න.ක්ලික් කිරීමෙන් අනතුරුව ඔබට ෆයිල් එකක් තේරීමට අවස්තාවක් ඇති වින්ඩෝවක් ලැබේ.එමගින් ඔබ විසින් එක්ස්ට්‍රැක්ට් කරගන්නා ලද ෆ්ලැශ් ෆයිල් එක හෙවත් M110s Fix Korea By EngChung.tar යන ෆයිල් එක තෝරන්න.එවිට පහත පරිදි දිස්වේ.



දැන් ඔබගේ දුරකතනය 50%ක් හෝ චාර්ජ් එක තිබේදැයි බලන්න.ඇති නම් දුරකතනය ක්‍රියා විරහිත කොට එහි ඇති බැටරිය ගලවා නැවත බැටරිය දමන්න.දැන් හෝම් බට්න් එක((මැද බට්න් එක)) සමග පවර් බට්න් එක එකවර තත්පර 5ක් පමණ ඔබාගෙන සිටින්න.දැන් ෆෝන් එක පහත ආකර මෝඩ් එකකට පැමිණනු ඇත.



මෙම මෙනූ එකට පැමිනීමෙන් අනතුරුව ෆෝන් එක ඩේටා කේබල් එක මගින් පරිගණකයට සම්බන්ද කරගන්න.මද වෙලාවකින් අනතුරුව ඔබ පලමු පියවර සාර්තකව කර ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගෙන ඇති නම් පරිගණකයෙන් ෆෝන් එක හදුනාගනු ඇත.හදුනාගත් පසු ඔඩින් සොෆ්ට් එක පහත ආකාර දිස්වෙනු ඇත.


දැන් ඔඩින් වල ඇති ස්ටාට් යන බට්න් එක මත ක්ලික් කරන්න.එවිට විනාඩි 5ක් හෝ 10ක් පමණ වන තෙක් ෆ්ලෑශ් වීම සිදු වේ.ෆ්ලෑශ් වී අවසානයේ ඔබගේන් දුරකතනය ඉබේම රීස්ටාට් වේ.දැන් ඔබ සාර්තක ලෙස ඔබගේ කොරියන් Galaxy S Anycall එක International එක කරගෙන අවසානය.වෙනදා ෆෝන් එක ඔන් වනවාට වඩා යම් වැඩි කාලයක් පලමු බූට් වීමේදි ගනී.එම නිසා ෆෝන් එක විනාඩි 10ක් වගේ කාලයක් ඇතුලත ඔන් වීම සිදු වේ.පලමු බූට් වීමට වැඩි කාලයක් හෙවත් විනාඩි 10ක පමණ කාලය යන නිසා තැති නොගන්නා ලෙසටත් බැටරිය ගැලවීමෙන් වලකින් ලෙසටත් කාරුණිකව දන්වා සිටිනවා.මද වේලාවකින් පසුව ඔබගේ දුරකතනය බූට් වේ.දැන් ඉතින් වැඩේ ගොඩ..!! :D :D 


කිසියම් හේතුවක් නිසාවෙන් ෆෝන් එක ඔන් නොවේ නම් වහාම කොමෙන්ට් එකක් මගින් විමසන්න.මම හැකි ඉක්මනින් ෆෝන් එක හදාගන්න විදිය ඔයාලට කියල දෙන්නම්.මේක කලින්ම Pre-Rooted හින්දා තවත් ලේසී.රූට් කර කර ඉන්න ඕනත් නෑ.හුගක් එනිකෝල් ඇප් අයින් කරල තියෙන්නෙ.අනිත් ඒවත් අයින් කරන්න ඕන නම් අපෙන් අහන්න.සල්ලි සල්ලි කියල බලන්න එපා අපෙන් අහන්න.ෆෝන් එක ඔයාල කලින් මේ විදියට කරල හරි ගියේ නැත්තම් ඒත් කොමෙන්ට් කරන්න.මම හදාගන්න විදිය කියන්නම්.නිකන් අපරාදෙ කඩවලට සල්ලි දෙන්න යන්න එපා.!!ඉතින් යාලුවනේ.මම එහෙනම් අදට කැපෙන්වා.මම ඔයාලගෙ කොමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා.මේකෙ වැරැද්දක් එහෙම හරි මේකෙන් ඔයා ගොඩ ගියානම් හරි කොමෙන්ට් එකක් දාල අපිට කියන්න..!! මම ගියා එහෙනම්.ටටා බායි කස්ටිය. :) :)
 - See more at: http://ginilihiniya.blogspot.com/2013/09/galaxy-s-anycall-international.html#sthash.K1b9xSj6.dpuf

No comments:

Post a Comment