Teach Sinhalen

For Improve Your ICT Knowledge

Like us on Facebook

Responsive Ads Here

Monday, February 3, 2014

Prepaid MasterCard free

මමත් මේ දවස් වල පොඩි අත්හදාබැලීම් වගයක් කරගෙන යනවා, එතකොට තමා මේ Prepaid MasterCard® ගැන දැනගන්න ලැබුනේ, ඒ ලංකාවේ අපිට අන්තර්ජාලයෙන් ලැබෙන ගෙවීම් මුදල් බවට පත් කිරීම තරමක් අපහසුයිනේ. තවම PayPal වලින් සම්පූර්ණ පහසුකම අප රටට සපයා නැති කම තමා ලොකුම අඩුව. ඉතින් මමත් PayPal මගින් ලැබෙන ගෙවීම් අපට ලබා ගත හැකි ආකරයකට පත් කරගන්න විවිධ උපක්‍රම සොයා බැලුවා. එතකොට තමා මේ පෙර ගෙවුම් credit card ගැන දැන ගන්න ලැබුනෙ. මේවා නොමිලේ දුන්නට වැඩ ගොඩක් කරන්න පුලුවන් වගේ. ඒවානම්,
  • සාමාන්‍ය Debit cardඑකක් ලබා ගැනීමට අපහසු අයට නොමිලේ ලබා ගත හැකි වීම (වයස 18 සම්පූර්ණ කල අයට)
  • අන්තර්ජාලයේ සිදු කරන ගෙවීම් ආරක්ෂිතව කිරීමට හැකි වීම
  • ATM මගින් මුදල් ලබා ගැනීමට පහසු වීම (ඔබට ලගම ATM එක මෙතනින් සොයාගන්න)
  • Freelance වෙබ් අඩවි වල අපට ලැබෙන ගෙවීම් පහසුවෙන් ලබා ගැනීමට හැකි වීම
මටත් මේ Credit Card එක අයදුම් කර ගෙදරටම නොමිලේ ගෙන්වගන්න සති 2-3 ක් ගත වුනා. එහෙනම් ඉක්මන් කළොත් හොදයි වගේ. ඇත්තටම මෙම සේවාව ලබා දෙන්නෙ Payoneer නම් වෙබ් අඩවිය. දැනට මෙම සේවාවට අනුබද්ධිතව වෙබ් අඩවි කිහිපයක් Debit cards ලබා දෙනවා. මම සම්බන්ධ වුනේ Odesk නම් වෙබ් අඩවියට. එහෙනම් මුලින්ම මෙම වෙබ් අඩවියෙ කෙනෙක් විදිහට ගිණුමක් ආරම්භ කරන්න. ඔය වැඩ ටික කරන අතරතුරේ Payoneer එකෙන් ලැබෙන Debit Card එකට අයදුම් කරන්න අදාල උපදෙස් ඔබට ලැබේවි. මේ මම ලබාගත් Debit card එක හා සමාන ආකෘතියක්


Read more: http://softzonekalutara.blogspot.com/2012/04/credit-card.html#ixzz2sKQYhZYb

No comments:

Post a Comment